728x90 AdSpace

Latest News

Monday, July 25, 2016

සනීපාරක්ෂක තුවා ගැන දැන ගත යුතුම කරනු මෙන්න..තුවා කොපමණ අවශ්‍යද? කාන්තාවන්ට පමණයි


සැලකිලිමත් විය යුතු කරුණු
සාමාන්‍යයෙන් ලිංගික කාර්යයේදී නියමිත පිහිටුමේ ස්ථාවර ලෙස පැවතීම සඳහා උපත් පාලන කොපුව තුළම ස්නේහක (lubricants) අඩංගු වනවා. නමුත් අවශ්‍යනම් ඒ සඳහා ඔබටද ස්නේහක භාවිතා කළ හැකියි.
කිසි විටෙකත් දෙදෙනාම උපත් පාලන කොපු පැළඳීම නොකළ යුතුයි. නැතිනම් සිදුවන්නේ උපත් පාලන කොපු දෙක එකිනෙක ඇතිල්ලීම නිසා දෙකටම හානි සිදුවීමයි.
ඒ වගේම ශිෂ්ණය උපත් පාලන කොපුවෙන් පිටතට නොයන ලෙසටද වග බලාගත යුතුයි. නිසියාකාරව උපත් පාලන කොපුව පැළඳ ගත්තානම් මේ පිළිබඳව බිය විය යුතු නැහැ.
ලිංගික කාර්යය අතරතුරදී උපත් පාලන කොපුවට හානි සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් කොපුවක් පැළඳිය යුතුයි.


උපත් පාලන කොපුව ඉවත් කළ යුත්තේ කෙසේද?
යෝනි මාර්ගයට පිටතින් ඇති නම්‍යශීලී මුදුව මිරිකා ක්‍රමයෙන් උපත් පාලන කොපුව යෝනි මාර්ගය තුලින් පිටතට ගත හැකියි. ඉන්පසුව එය කඩදාසියක දවටා හෝ උපත් පාලන කොපුව ඇතුලත් කර තිබූ පැකට්ටුවේ බහා ඉවත ලිය හැකියි. කිසි විටෙකත් වැසිකිළි තුලට දමා බැහැර කිරීම නොකළ යුතුයි. එමෙන්ම කාන්තා උපත් පාලන කොපුවක් ද භාවිත කළ යුත්තේ එක් වරක් පමණයි.


ප්‍රතිලාභ
සහකරු උපත් පාලන කොපු පැලඳීමට අකැමති නම් කාන්තාවට මේවා යොදාගත හැකියි.
අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකීමේ හැකියාවද ලැබෙනවා.
ලේටෙක්ස් වලින් නිපදවා ඇති නිසා ජල ස්නේහක හෝ තෙල් සහිත ස්නේහක (water lubricants and oil lubricants) භාවිතා කළ හැකියි.
විශේෂිත ගබඩා තත්වයන් අවශ්‍ය වන්නේ නැහැ.
කාන්තාවගේ ස්වාභාවික හෝමෝන වලට බලපෑමක් ඇති වන්නේ නැහැ.
පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේදී රුපියල් 100 – 200 අතර මුදලකට කාන්තා උපත් පාලන කොපුවක් මිලදී ගත හැකියි.


අවාසි
කලාතුරකින් යෝනි මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ කැසීමේ තත්වයන් ඇති විය හැකියි.
සෑම වසරකම සැප්තැම්බර් 26 වන දින ලෝක කාන්තා උපත් පාලන කොපු දිනය ලෙස නම් කර තිබෙනවා.




  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සනීපාරක්ෂක තුවා ගැන දැන ගත යුතුම කරනු මෙන්න..තුවා කොපමණ අවශ්‍යද? කාන්තාවන්ට පමණයි Description: Rating: 5 Reviewed By: liyanna
Scroll to Top